පොහොට්ටු මන්ත්‍රීනි ග්‍රාම නිළධාරිනියට පහර දීලා

0

උකුවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරියට පහරදීමක් සිදු කර ඇතැයි පැවසෙන සිද්ධියක්  වාර්තා වී තිබේ.

කොවිඩ් ව්‍යාප්තියෙන් පීඩිත ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මල්ල බෙදා දීමේ ලැයිස්තුවට තම ඥාතීන්ගේ නම් ඇතුළත් කරන්නැයි මන්ත්‍රීවරිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම පහරදීමට හේතුව බව පැවසේ.

පහර කෑ ග්‍රාම නිලධාරීවරිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර චෝදනා ලත් මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්ත සියලු ග්‍රාම නිලධාරීන් අද (17) රාජකාරියෙන් ඉවත්ව තිබුණි.