ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ඇසුරෙනි
බොහෝ කෝවිඩ්-19 ආසාදන ඉතා මෘදු ඒවායි. එබැවින් ඒවා නිවසේදීම කළමනාකරණය කරගත හැකියි. ඔබ කෝවිඩ්-19 ආසාදිත පුද්ගලයකු ළඟින් ඇසුරු කළාද? ඔබට රෝග ලක්ෂණ තිබේ ද? ගෙදර සිට රෝගය කළමනාකරණය කරගන්නේ කෙසේද? රෝහල්ගත විය යුත්තේ කුමන අවස්ථාවකදී ද?
කෝවිඩ්-19 රෝගීන් ගෙදරදී බලාගැනීම හෙවත් නිවසේ සිට කළමනාකරණය කරගැනීම සඳහා පියවර පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී තිබේ. මෙම සටහන ඒ ඇසුරෙනි.
1 පියවර
කෝවිිඩ්-19 රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත් වන්න. රෝග ලක්ෂණ විවිධ වේ. උණ, කැස්ස, උගුරේ වේදනාව, රසය හෝ ගඳ සුවඳ නොදැනීම, ඇස් රතුවීම, හිසරදය එම ලක්ෂණ අතර තිබේ.
හුස්ම ගැනීමේ අපහසුතාවක්, ඇඳෙන් බැසීමට බැරි තරම් දුර්වලකමක්, තනිව තමන්ගේ කටයුතු කරගත නොහැකිබවක්, පපුවේ වේදනාවක්, මානසික අවුල්සහගතබවක්, කරකැවිල්ලක්, අධික නිදිමතක් තිබේනම් තත්වය බරපතලය. මෙම රෝග ලක්ෂණ තිබේනම්, වහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.
2 පියවර
පරිස්සම් වෙන්න. විවේක ගන්න. රෝගියා අනෙක් අයගෙන් අවම වශයෙන් මීටරයක් හෝ දුරස්ථව සිටින්න. හැකිනම්, හොඳින් වාතාශ්‍රය සහිත කාමරයක වෙනම ඉන්න. හොඳින් වතුර බොන්න. වෙනත් අය රෝගියා සිටින කාමරයෙහි සිටී නම්, සියලුදෙනා මුඛ ආවරණ පළඳින්න. පෝෂ්‍යදායී ආහාර ගන්න. උණ, ඇඟපතේ වේදනාව හෝ හිසරදය තිබේ නම්, නිවැරදි මාත්‍රාව අනුව පැරසිටමෝල් ගන්න (මාත්‍රාව සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න). පැරසිටමෝල් ගැනීමෙන් අනතුරුව පවා උණ බැසයන්නේ නැතිනම්, රෝගියාගේ නළල මත තෙත රෙදිකඩක් අතුරන්න. වෛද්‍ය උපදෙස් මත, පල්ස් ඔක්සිමීටරයක් ආධාරයෙන් ඔක්සිජන් මට්ටම මැනගන්න. පැරසිටමෝල් හැර වෙනත් ගොඩ වෙදකම් කරන්න එපා.
හුස්ම ගැනීමේ අපහසුතාවක්, ඇඳෙන් බැසීමට බැරි තරම් දුර්වලකමක්, තනිව තමන්ගේ කටයුතු කරගත නොහැකිබවක්, පපුවේ වේදනාවක්, මානසික අවුල්සහගතබවක්, කරකැවිල්ලක්, අධික නිදිමතක් තිබේනම් තත්වය බරපතලය. මෙම රෝග ලක්ෂණ තිබේනම්, වහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.
3 පියවර
සෙසු අයගේ ආරක්ෂාව වෙනුවෙන් රෝගියා අනෙක් අයගෙන් මීටරයක්වත් දුරස්ථව ඉන්න. හැකිනම්, හොඳින් වාතාශ්‍රය සහිත වෙනම කාමරයක ඉන්න. නිවසේ සිටින සියලුදෙනා මුඛ ආවරණයක් පළඳින්න. නිරතුරුව දෑත් සබන් සහ වතුර හෝ විෂබීජ නාශක මගින් පිරිසිදු කරගන්න. කෑම බීම සඳහා වෙනම පිඟන්, කෝප්ප ආදිය පාවිච්චි කරන්න. රෝගියා භාවිතා කර ඉවත දැමූ අපද්‍රව්‍ය වෙනම සීල් කර තබා වෙනම බැහැර කරන්න. වාතාශ්‍රය වැඩිකරගැනීම සඳහා ජනෙල් විවෘත කරන්න.
සිව්වන පියවර
පල්ස් ඔක්සිමීටරයක් භාවිතා කරන්නැයි වෛද්‍ය උපදෙස් ලැබී තිබේ නම්, එය ආරක්ෂිතව භාවිතා කරන ආකාරය හොඳින් අවබෝධ කරගෙන භාවිතා කරන්න. වෛද්‍ය උපදෙස් අනුව, පල්ස් ඔක්සිමීටරයක් ආධාරයෙන් දිනකට තුන්වරක් ඔක්සිජන් මට්ටම මැනගන්න.
පස්වන පියවර
ඔක්සිජන් මට්ටම මැනීම ඉතා වැදගත්ය. රෝගියාගේ තත්වයට ගැලපෙන වෛද්‍ය උපදෙස් ලබාගන්න. රෝගියාගේ ඔක්සිජන් මට්ට්ටම කුමක් වුවත්, හුස්ම ගැනීමේ අපහසුතාවක්, ඇඳෙන් බැසීමට බැරි තරම් දුර්වලකමක්, තනිව තමන්ගේ කටයුතු කරගත නොහැකිබවක්, පපුවේ වේදනාවක්, මානසික අවුල්සහගතබවක්, කරකැවිල්ලක්, අධික නිදිමතක් තිබේනම් තත්වය බරපතලය. මෙම රෝග ලක්ෂණ තිබේනම්, වහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.
රෝගියාගේ ඔක්සිජන් මට්ටම 94%ක් හෝ ඊට වැඩිනම්, දිගටම ඔක්සිජන් මට්ටම මනින්න. රොගියාගේ ඔක්සිජන් මට්ටම 94%ට අඩු, 90%ට වැඩි මට්ටමක තිබේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගන්න. නැතිනම් රෝහලකට යන්න. අවශ්‍ය නම්, වෛද්‍ය උපදෙස් අනුව, ඔක්සිජන් භාවිතා කරන්න. වෛද්‍යවරයා විසින් ස්ටියරොයිඩ ඖෂධ නිර්දේශ කර තිබේ නම්, උපදෙස් අනුව, නිවැරදිව එම ඖෂධ භාවිතා කරන්න. වෛද්‍ය උපදෙස් නොමැතිව ඖෂධ ගන්න එපා.
ඔක්සිජන් මට්ටම 90%ට අඩු නම්, එය බරපතල කොවිඩ්-19 තත්වයකි. වහා වෛද්‍ය උපදෙස් ලබාගන්න. වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබාගන්න.
ඇඳෙහි උඩුබැලි අතට, මුණින් අතට, පැත්තට හැරී හා වාඩි වී සිටීම වශයෙන් පැය දෙකෙන් දෙකටවත් ඉරියව් මාරුකරන්න.
( praja.lk වෙබ් අඩවියෙනි )