අද කොවිඩ් ආසාදිතයින් 600 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 145 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අනුව අද දිනට වාර්තා වන නව කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 544,012ක් ඉහළ යන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

අද කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 339ක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

Today Recoveries

සුවය ලබා පිටව ගිය මෙම පිරිසත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 514,573ක්.

තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.