අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 107 දෙනෙකු අද (03) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 581ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 542,793කි.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 340 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 513,880ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.