ක්‍රිකට් පරාජය නිසා විරාට් කෝලිගේ දියණියටත් තර්ජන

0
Virat Kohli's daughter threatened - ක්‍රිකට් පරාජය නිසා විරාට් කෝලිගේ දියණියටත් තර්ජන
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයේදී පස මිතුරු පාකිස්තානය වෙතින් පරාජය ලැබූ ඉන්දීය ක්‍රිකට් පිළේ නායක විරාට් කෝලිගේ පවුලේ සාමාජිකයින්ට අන්තර්ජාලය ඔස්සේ තර්ජන එල්ල වන බව වාර්තා වනවා.

එහිදී ට්විටර් මාධ්‍ය ඔස්සේ කෝලිගේ මාස 9ක් වයසැති දියණියට ද එල්ල වූ තර්ජනයක් සම්බන්ධයෙන් දිල්ලි පොලිස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

දිල්ලි පොලීසියේ කාන්තාවන් පිළිබද අංශය මගින් අදාළ විමර්ශනය පවත්වන බව එහි සභාපතිනී ස්වාති මලිවාර් ප්‍රකාශ කළා.

පාකිස්තානය වෙතින් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව පරාජය ලැබීමත් සමග ඉන්දීය කණ්ඩායමේ එකම මුස්ලිම් සාමාජිකයා වූ මොහොමඩ් ෂමීට ද අන්තර්ජාලය ඔස්සේ මෙලෙස තර්ජන එල්ල වුණා.

එහිදී කෝලි ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ ආත්ම ශක්තියක් නොමැති පුද්ගලයින් විසින් එලෙස ක්‍රීඩකයන් විචේනය කරන බවයි.

කෙසේ නමුත් සුපර් ලීග් වටයේ දෙවන තරගයෙන් නවසීලන්තයට පරාජය වූ ඉන්දීය පිළට අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට පවතින්නේ දුරස්ථ අවස්ථාවක්.