අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 114 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 554ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 537,201කි.

කොවිඩ් ආසාදිතව සිටි තවත් 300 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 504,003ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.