ගෙවුණු දිනයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ – වැඩිම මහනුවරින්

0

ගෙවුණු දිනයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ අතරින් මධ්‍යම පළාත තුළ කොවිඩ් -19 වෛරස ආසාදිතයින් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළගොස් තිබේ. 

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දෛනික වාර්තාවට අනුව ඊයේ (15) දිනයේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් සැලකිය යුතු සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 338 දෙනෙකු හඳුනාගෙන තිබේ. 

එම දිස්ත්‍රික්කයේ මහනුවර, ගම්පොළ, ගලගෙදර, මැණික්හින්න, තලාතුඔය, කටුගස්තොට සහ නාවලපිටිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගෙන ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේ නව ආසාදිතයින් 288 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ අතරින් 173 දෙනෙකුම වාර්තා වී ඇත්තේ නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි. 

කෙසේවෙතත් දෛනිකව ආසාදිතයින් වාර්තා වූ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ කිසිදු නව ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 

කළුතරින් 321ක්, කොළඹින් 277ක්, ගම්පහ 184ක්, කුරුණෑගල 181ක්, මාතර 104ක්, අනුරාධපුරය 98ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක් වශයෙන් වාර්තා වී ඇත.

කොවිඩි නව ආසාදිතයින් 2,386 දෙනෙකු ඊයේ (15) දිනයේ මෙරටින් හඳුනාගැණුනි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 140, 471ක් දක්වා ඉහළගොස් ඇත.

එම ආසාදිතයින්ගෙන් 2,371 දෙනෙකු අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින්ය.

විදේශයන් හි සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් 15 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගෙන තිබුණි.

මේ වනවිට රෝගීන් 22,310 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ දිනට අදාළව කොවිඩ් මරණ 20ක් තහවුරු කර තිබෙනවා.

මේවනවිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 941ක් වනවා.

ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත මරණ – https://newsweb.lk/තවත්-කොවිඩ්-මරණ-20ක්/

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්ව වාර්තාව – https://covid19.gov.lk/sinhala/