අදත් කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 194ක් මෙරටින් වාර්තා වනවා.

එම ආසාදිතයින් 194ත් සමඟ අද දිනයේ හමු වූ ආසාදිතයින් ගණන 776ක්.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 522,778ක් වනවා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 475 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 478,326ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.