ඊයේත් වැඩිම ආසාදිතයින් කොළඹින් – බහුතරය පිළියන්දලින්

0

ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

එම සංඛ්‍යාව 555 කි.

ඉන්, ආසාදිතයින් 126 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ, පිළියන්දල ප්‍රදේශයෙන් ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ 281 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 236 දෙනෙකු හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 211 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 211කි.

ඒ අනුව, ගත වූ පැය 24 තුළ මෙරටින් හඳුනා ගත් කොවිඩ් ආසාදිතයින් 2,289 දෙනා සමගින් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 138,085ක් දක්වා ඉහළ ගියේ ය.

කොවිඩ් ආසාදිත තවත් මරණ 29 ක් වාර්තා වූ අතර සමස්ත මරණ සංඛ්‍යාව 921කි.

එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවයි.

ඉන් පුද්ගලයින් 24 දෙනෙකුගේම මරණවලට කොවිඩ් නිව්මෝනියාව හේතු වී තිබේ.

අසාදිතයින් 110, 108 දෙනෙකු සුවය ලබා ඇති අතර කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 27,054 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.