අද කොවිඩ් ආසාදිතයින් 1000ට වඩා අඩුවෙයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 268 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 983කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 514,592ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් -19 ආසාදනය වී සිට පූර්ණ සුවය ලැබූ 812 දෙනෙකු අද රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.

Today Recoveries

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 455,344ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 51ක් වාර්තාවී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.