අද කොවිඩ් ආසාදිතයන් ගණන 2,900 ඉක්මවයි

0
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 1,137ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද දිනට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2960ක්.

එසේම ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද ඒ අනුව 471,859ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

මෙරට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව මේ වනවිට 73,261ක්.

තවත් කොවිඩ් ආසාදිතයින් 1769ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 388,278ක්.

ඊයේ (06) සිදුවූ තවත් කොවිඩ් මරණ 184ක් අද දිනයේ වාර්තා වී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.