තවත් කොවිඩ් ආසාදිතයින් 693 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,333කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 459,389ක් දක්වා ඉහළගොස් තිබේ.
තවත් කොවිඩ් ආසාදිතයින් 2310ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 382,476ක්.
තවත් කොවිඩ් මරණ 145ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.