ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරගය අද

0
SL vs SA 2nd ODI - ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරගය අද

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය අද ආරම්භ වීමට නියමිතයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙසයි මෙම තරගය පැවැත්වීමට සැලසුම්කර ඇත්තේ.

මේ අතර ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු නිත්‍ය නායක ටෙම්බා බවුමාට එක්දින තරගාවලිය අහිමි වී යනවා.

තරගාවලියේ පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ ජයග්‍රාහී මානසික මට්ටමකින්.

බොහෝ දුරට අද තරගය සඳහා පළමු තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ම ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.