ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින සටන අද ඇරඹේ

0
SL vs SA 1st ODI Today - ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින සටන අද ඇරඹේ
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස අද ආරම්භ වනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2.30ට පමණ ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දු යවන්නන් 3 දෙනෙකු එක් කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කුසල් ජනිත් පෙරේරා කොරෝනා ආසාදනය වීම නිසා අද තරගයට ක්‍රීඩා නො කරන අතර මිනෝද් භානුක සහ දිනේෂ් චන්දිමාල් අතරින් මිනෝද් භානුක කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කරනු ඇති.

කලකට පසු සංචිතයට එක් වූ දිනේෂ් චන්දිමාල් අද තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි ක්‍රීඩා විචාරකයින් ප්‍රකාශ කළේ.