නිරෝධායන ඇඳිරිනීතිය සාර්ථක වෙයිද ? PHI සංගමයෙන් අනතුරු ඇඟවීම්

0
Warning about Quarantine Curfew by Upul Rohana - නිරෝධායන ඇඳිරිනීතිය සාර්ථක වෙයිද ? PHI සංගමයෙන් අනතුරු ඇඟවීම්

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ ද ජනතාවගේ සංචරණය සම්පූර්ණයෙන් සීමානොවීම තුළ අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම දුෂ්කරවනු ඇතිබව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, අත්‍යවශ්‍ය කටයුතු සිදුකරන මුවාවෙන් ඇතැම් පුද්ගලයින් නිරෝධායන ඇඳිරිනීති කාලය තුළ සැරිසරණ අකාරය දක්නට ලැබෙන බවය.

“දැනට දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව ඒ විදිහටම තවදුරටත් වැඩිවෙමින් තිබෙනවා. ඒ වාගේම සංඛ්‍යාත්මකව ගත්විට ආසාදිතයින් වැඩිවෙමින් යනවා. නමුත් ගැටලුව තිබෙන්නේ නිරෝධායන කාලසීමාව ආරම්භ කරලා තවමත් දින 14ක් ගෙවීගොස් නැහැ. නිරෝධායන ඇඳිරිනීතිය ආරම්භකළ දිනයේ සිට දින 14ක අවම කාලයක් ගෙවීගිය පසු අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසයේ දෙවන සතියේ වන විට යම් තරමක අඩුවීමක් මෙහි දකින්නට ලැබෙයි කියලා. නමුත් අපේක්ෂිත ප්‍රතිඵල 100%ක් අපට ලැබෙන්නේ නැහැ. මොකද මේ පවතින නිරෝධායන ඇඳිරිනීතිය තුළ ජනතාවගේ සංචරණය සම්පුර්ණයෙන්ම සීමාවෙලා නැහැ. අත්‍යවශ්‍ය කටයුතු සහ එම කටයුතුවලට මුවා වුණු ඇතැම් පිරිස් සැරිසරනවා අපිට පෙනෙන්නට තිබෙනවා. මේ සැරිසැරීමත් සමග යම් ගැටලුකාරී තත්ත්වයක් අපට ඇතිවෙන්න පුළුවන්.”

කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලියේ සිදුවන අක්‍රමිකතා වළක්වාගැනීමට පියවර ගතයුතු බව ද උපුල් රෝහණ මහතා පැවසීය.

(adaderana.lk වෙබ් අඩවිය ඇසුරිනි)