දෙවන දිනටත් දෛනික කොවිඩ් ආසාදිතයින් 4,000 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 1,130ක් අද (23) මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම අද(23) දිනයේ මීට පෙරද කොවිඩ් ආසාදිතයින් 3223 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,353ක්.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 394,353 ක්.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,222 දෙනෙකු අද (23) දිනයේ පිටවගොස් තිබේ.

Today Recoveries

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 344,381ක් බවය.

කොවිඩ් ආසාදිත මරණ 194ක් අද (23) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.