කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොවිඩ් මරණ සංඛ්‍යාවේ වාර්තාව අද යළි අලුත් වුනා.
ඒ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් මරණ 186ක් තහවුරු කිරීමත් සමගයි.
ඊයේ (18) තහවුරු කළ මෙම මරණ අතරට කාන්තාවන් 75ක් සහ පිරිමි පුද්ගලයන් 111ක් අයත්.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6790ක් ලෙසටයි.