ගල්කිස්ස අධිකරණ පරිශ්‍ර සිදුවීම කොස්තාපල් තරින්දට ඇප ගල්කිස්ස HQIට ස්ථාන මාරුවක්

0
ගල්කිස්ස අධිකරණ පරිශ්‍ර

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඒ අනුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා අද (13) නියෝග කළේය.

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකට ස්ථාන මාරුවක්

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර තිබේ.

ඒ අනුව ඒ මහතා වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇත.

පසුගියදා ගල්කිස්ස උසාවි සංකීර්ණය අසලදී නීතිඥවරයෙකු සහ පොලිස් නිලධාරියෙකු අතර සිදුවූ සිදුවීමේදී පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව සිදු කෙරෙන විශේෂ විමර්ෂනයකට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකර ඇතැයි පොලීසිය පැවසීය.

ඒ අනුව සිදු කෙරෙන මූලික විමර්ශනවලට අදාළව මෙම ස්ථාන මාරු කිරීම සිදුකළ බව පොලීසිය සඳහන් කළේය.