
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් වලට සමාන්තරව ගමින් ගමට යෑම් කොඨ්ඨාශ බල මණ්ඩල පිහිටුවීම් මේ දිනවල ගම් දනවු පුරා සිදුකෙරෙමින් පවතිනවා.
එම වැඩසටහන් මාලාවේ අද (04) දිනට යෙදී තිබුණ කුරුණෑගල කොඨ්ඨාශ බල මණ්ඩල පිහිටුවීම් කුරුණෑගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට ශාලාවට මුදල් ගෙවා වෙන්කර සියළු කටයුතු සූදානම් කර සැරසිලි කටයුතුද සිදුකර තිබුණා.
නමුත් ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක වු කිසියම් මැර පිරිසක් එම සැරසිලි කඩා දමා කොඩි නිවෙස් කරා රැගෙන ගොස් තිබෙනවා. හිටපු ප්‍රාදේශීයසභා සභාපති අචල නිමන්ත මහතා සඳහන් කරන්නේ අදාල ක්‍රියාව පොහොට්ටුවේ දේශපාලන පිබිදීම දරාගත නොහැකි වත්මන් මාලිමා සභාපති විසින් සිදුකර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.