
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
අබුඩාහිදී පැවති මෙම තරගය පාකිස්තානය ජය ගැනීමත් සමග එම කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමටද හැකිවිය.
මෙහිදී පාකිස්තානයට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 134 ඉලක්කය පන්දුවාර 17යි පන්දු 05ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 138ක් රැස්කරමින් පසුකළේය.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නවාස් නොදැවී ලකුණු 38ක් රැස්කළ අතර හුසේන් තලාත් නොදැවී ලකුණු 32ක් රැස්කළේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු 02 බැගින් දවාගත්හ.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට වෙනස්කම් දෙකක් සිදුකරමින් චාමික කරුණාරත්න සහ මහිෂ් තීක්ෂණව කැඳවා තිබුණේ කමිල් මිෂාර සහ දුනිත් වෙල්ලාලගේ වෙනුවටය.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් පළමු පන්දු ඕවරයේදී ලකුණු නොලබා ක්‍රීඩක විවේකාගාරය වෙත යැවීමට පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි සමත්විය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 08ක් රැස්කර ගෙන සිටි පැතුම් නිස්සංක දවා ගැනීමට ෂහීන් ෂා අෆ්රිඩි සමත්විය.
ඉන් අනතුරුව කුසල් පෙරේරා ලකුණු 15ක් රැස්කරගෙන සිටියදී දවාගත්තේය.
නායක චරිත් අසලංකටද පිටිය තුළ සාර්ථකවීමට නොදී ලකුණු 20ක් රැස්කර ගෙන සිටියදී පාකිස්තාන පන්දු යවනන් විසින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත්විය.
බංග්ලාදේශ තරගයේ සුපිරි පිතිහරඹයක නිතර වූ දසුන් ශානකට කිසිදු ලකුණු රැස්කර ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් ඉඩදුන්නේ නැත.
හුදකලා සටනක නිරතවූ කමිඳු මෙන්ඩිස් ලකුණු 50ක් රැස්කර ගැනීමට සමත් විය.
වනිඳු හසරංග ලකුණු 15යි.
ඒ අනුව පාකිස්තාන පන්දු යවන්නන් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 133ක් රැස්කළේය.