මිද්දෙණිය පොලිස් වසමේ වාලච්චේන සහ කොටහේන පොලිස් වසම්වල පුද්ගලයින් තුනක් කුඩා දැරියක් මරා දැමේ

0
පොලිස් වසම්වල

මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

එම වෙඩිතැබීමෙන් පියා සහ 06 හැවිරිදි දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස වෙඩි තබා තිබුණි.

එම වෙඩිතැබීමෙන් යතුරුපැදියේ ගමන්කළ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත. 

යතුරුපැදියේ ගමන්කළ මරණකරුගේ පුතා සහ දියණිය තුවාල ලබා ඇති අතර දියණිය තංගල්ල රෝහලට හා පුතා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක් හා දියණිය වයස අවුරුදු 06ක් පමණ වන ගල්පොත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෙම වෙඩිතැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැකකරයි. 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ වුවත් මෙම මියගිය පුද්ගලයා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග කල සාකච්චා දෙකක් තුල ඔහුට ඇති මරණ තර්ජන ගැන හෙළිදරවුවක් කර ඇත, අදාල වැඩසටහන් දෙක පහතින්.

වාලච්චේන සහ කොටහේන පොලිස් වසම්වල සිදුකළ ඝාතන දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (18) එම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි.

වාලච්චේන, කිරාන් ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කිරාන් ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරුගේ දියණිය විවාහයෙන් වෙන් වී සිය දියණිය ද සමඟ මරණකරුගේ නිවසේ පදිංචිව සිට ඇත. 

දියණියගේ සැමියා මාසිකව නඩත්තු ගෙවීම් සිදුකරන අතර ඔහු තම දියණිය බැලීම සඳහා ඊයේ උදෑසන මරණකරුගේ නිවසට පැමිණ තිබුණි.

දියණියගේ සැමියා දරුවා ඉල්ලා ඔහු හා බිරිඳ අතර ආරවුලක් හටගෙන ඇත. 

එහිදී දියණියගේ පියා වන මරණකරුද ආරවුලට මැදිහත් වී ඇති අතර එහිදී දියනියගේ සැමියා විසින් ඔහුට පොල්ලකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 26 ක් වන කිරාන් ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි. 

රාත්‍රී කාලයේ ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව මරණකරු තම බිරිඳ සමඟ බ්ලූමැන්ඩල් රේල් පාර අසලට පැමිණි තිබේ.

එම ස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු විසින් මරණකරුව වෙනත් ස්ථානයකට කැඳවා ගෙන ගොස්  ඇති අතර ඒ අවස්ථාවේ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදී එම ඝාතනය සිදුකර පළාගොස් ඇත.  

ඝාතනයට හේතුව හා මෙම ඝාතනය කවුරුන් විසින් සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. 

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරික්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.