
2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.
ඒ අනුව පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන මංගල අයවැය මෙය වේ.
එහි සජීවි විකාශය පහතින් දැක්වේ.
එහිදි ජනාධිපතිවරයා දැක්වූ අදහස්,
“2025 වර්ෂය සඳහා 5%ක ආර්ථික වර්ධනයක් අපි අපේක්ෂා කරනවා.”
“අර්බුදය සමනය කිරීමේ ඇතැම් ක්‍රියාමාර්ග විශේෂයෙන් පිරිවැය මත බලශක්ති මිල ගැලපුම, බදු වැඩිකිරීම හා පොලිය වැඩිකිරීම පුරවැසියා මත පීඩනයක් එල්ල කළා.
“IMF කාර්ය අප විසින් තේරුම් ගෙන ඇති අතර, අපගේ ආර්ථික න්‍යාය පත්‍රිය අප විසින්ම සකසා කරගැනීම වෙනුවෙන් ආර්ථික ස්වෛරීත්වය අත්‍යවශ්‍ය බව අප වටහා ගෙන තිබෙනවා.”
“අප බලයට පැමිණෙන විට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නියැලුණු අතර, එය වෙනස් කළහොත් රට අස්ථාවර විය හැකි බැවින් එයට බාධා කිරීමට අපට උවමනා වුයේ නෑ….”
“අප බලයට පැමිණෙන විට රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නියැලුණු අතර, එය වෙනස් කළහොත් රට අස්ථාවර විය හැකි බැවින් එයට බාධා කිරීමට අපට උවමනා වුයේ නෑ.”
“මෙම තීරණය ගැනීමේ දී ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා දැනටමත් වැය කර ඇති සැලකිය යුතු කාලය හා එම ක්‍රියාවලිය ප්‍රමාදවීමෙන් සිදුවිය හැකි පාඩුව ද අප සලකා බැලීය.”
“මේ තුළින් සැලකිය යුතු මට්ටමක ණය සහනයක් ලැබී ඇති අතර, ණය සේවාකරණයට අදාළව පිරිවැය සැලකිය යුතු ලෙස අඩුකරනවා.”
“සීමිත බදු මුදල් ප්‍රමුඛතාවයෙන් පරිහරණය කිරීමේ ක්‍රමවේදයක් සකසනවා.”
“ආර්ථිකයේ විශාල ප්‍රජාතන්ත්‍රීකරණයක් අවශ්‍යයි.”
“ආර්ථිකයේ සියලු ප්‍රතිලාභ ආර්ථික ක්‍රියාවලියට දායක කරගන්නවා.”
“සාම්ප්‍රදායික මුදල් වෙන්කිරීමෙන් බැහැරව ප්‍රමුඛතා හඳුනාගෙන මුදල් වැය කළ අයවැයක්.”
“දේශීය ව්‍යවසායකයා සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිගන්වන අයවැයක්.”
“මූල්‍ය විනය සහ ආර්ථික දැක්මක් සහිතව ඉදිරිපත් කළ අයවැයක්”
“දුෂණය, නාස්තිය අවම කරමින් සාමුහික විනයෙන් නව ගමනක් කරා යන ක්‍රමවේදයක් සකසනවා.”
“ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කිරීම අයවැයේ දර්ශනයයි”
“වියදම්වලින් හොඳම සමාජ ප්‍රතිලාභ ලබා ගැනීමට සීමිත බදු අරමුදල් ප්‍රෙව්ශසම් සමහගතව කළමණාකරණය කිරීමේ අප අවධානය යොමුකර තිබෙනවා.”
“කර්මාන්ත, සේවා, කෘෂි නිෂ්පාදනයේ වර්ඡනයක් සිදුවිය යුතුයි. ඒ සඳහා ජනතා සහභාගීත්වයක් අවශ්‍යයි.
“නිෂ්පාදන ප්‍රතිලාභ සාධාරණව බෙදී යා යුතුයි.”
“අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට, ගුණාත්මකව අඛණ්ඩව සැපයීමේ ක්‍රමවේදයක්.”
සෞඛ්‍ය, අධ්‍යාපන සේවයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා.”
“අධික සංකේන්ද්‍රණයෙන් තොර ඒකාධිකරණයෙන් තොර සාධාරණ වෙළෙඳපොළතක් නිර්මාණය කරනවා.”
“2025 වසරේ භාණ්ඩ හා සේවා අපනයනය ඩොලර් බිලියන 19කට ආසන්න ප්‍රමාණයක් අපේක්ෂා කෙරේ”
භාණ්ඩ හා සේවා අපනයනය පුළුල් කිරීම
* භාණ්ඩ හා සේවා අපනයන සේවා වැඩිකිරීමට 2025 – 2029 සඳහා ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්
*උසස් තත්ත්වයේ දැරිය හැකි මිලකට ලබාගත හැකි අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශවීමේ සීමාවන් ඉවත් කිරීමේ අරමුණින් ජාතික තිරුබදු ප්‍රතිපත්තියක්.
* වාණිජ සහයෝගිතාවයට විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් යොදාගන්නවා.
*නව රේගු පනතක්.
ආයෝජන ප්‍රවර්ධනය හා පහසුකම් සැපයීම
* හරිත තාක්ෂණය සඳහා අවධානය.
* ආර්ථික සංශෝධන පනත සංශෝධනය කිරීමට පියවර.
*ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙනවා.
* රටේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කරනවා.
* රාජ්‍ය සේවය ඩිජිටල්කිරීමට අවශ්‍ය පියවර සඳහා අවශ්‍ය අනුමැතින් ‘එක් ස්ථානයකින් සියලුසේවා’ යන සංකල්පය ඇති කරනවා.
* රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීවය සම්බන්ධයෙන් නව පනතක්.
“ඉඩම් හිමිකම් සංවර්ධනය සහ ඉඩම්වල වාණිජ භාවය වැඩි කිරීම සඳහා බිම් සවිය වැඩසටහන කඩිනම් කෙරේ.”
“දැනටමත් කෙටුම්පත් අධියරවල පවතින බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර”
“ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් ආයෝජනය, කාර්මික සංවර්ධනය සහ අපනයන ක්ෂේත්‍රයන්හී ශ්‍රී ලංකාවේ ප්‍රෙයෝජනයට නොගත් විභයන් කළමනාකිරීම සඳහා රජය සෘජු විදෙස් ආයෝජන අපේක්ෂා කරනවා.”
“අපනයන කරුවන්ට තත්ත්ව පරීක්ෂා සහ සහතිකරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍යවන තාක්ෂණික සහය සහ මූල්‍ය සහය රජය විසින් ලබා දේ.”
*විදෙස් ඉපැයිම් සහ ලාභාංශ මෙරටට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමවේදයක්.
*බංකොළොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට.
“පරීක්ෂණ සහ ක්‍රමාංකන රසායනාගාර යොමු කිරීමේ මධ්‍යස්ථාන, විශ්ව විද්‍යාල සහ කාර්මික තාක්ෂණ ආයතන සහ අනෙකුත් තක්සේරු ආයතන සඳහා කාර්යක්ෂමව සේවා දායකයින් සඳහා සේවා සැපයීම සඳහා රට තුළ ජාතික කලමණාකරණ දත්ත පද්ධතිය අපේක්ෂිත ප්‍රතිපළ සපුරාලීමට රුපියල් මිලියන 750ක් වෙන් කිරීමට පියවර.”
*ඩිජිටල් ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට රු මි 3000ක්
*සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා රු බි 500ක්.
*සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනයට ඩිජිටල් ටිකට් පත් ක්‍රමවේදයක්
*කොළඹ වරායේ සහ කටුනායක ගුවන්තොටුපොළෙ ස්කෑන් පද්ධතිය දියුණු කිරීමට රු.මි 1000ක්
වේයන්ගොඩ අභ්‍යන්තර බහලුම් අංගනයක්
“කොළඹ වරාය සහ අවට බහලුම් රථවාහන තදබදය ලිහිල් කිරීමට අගය එකතු කිරීම් වැඩි කිරීම සඳහා දිගු කාලීන පියවරක් ලෙස දුම්රිය පාදක ඒකාබද්ධව බහු මාධ්‍ය භාණඩ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස වේයන්ගොඩ අභ්‍යන්තර බහලුම් අංගනයක් ස්ථාපිති කිරීමට පියවර ඒ සඳහා සහය වීමට රුපියල් මිලියන – 500ක්”
*ඩිජිටල් ආර්ථික අධිකාරියක් පිහිටුවීමට පියවර.
*ඩිජිටල් මූල්‍ය ගනුදෙනු සඳහා නව නීති පද්ධතියක්
“ජාතික තනි කවුලු පද්ධතිය, ට්‍රක් රථ පැදවීමේ පද්ධතිය, බහලුම් නිරීක්ෂණය, වරායේ ප්‍රජාව තොරතුරු හුවමාරු පද්ධතින් සංවර්ධනයට රුපියල් මිලියන 500ක්’
“ගුවන්තොටුපොලවල් සඳහා උසස් පරිලොකන පද්ධතිවල මූලික සංවර්ධනය සහ ස්ථාපිත කිරීම සහාය වීම සඳහා රුපියල් මිලියන 1000ක්”
“වාර්ෂික තොරතුරු තාක්ෂණ ආදායම ඩො.බි 5 දක්වා වැඩි කිරීමට පියවර.”
“ගැබිණි කාන්තාවන් සඳහා පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මාසික ආදාරයක් ලබා දෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 7500ක් දැනටමත් වෙන් කර ඇති අතර මව්වරුන්ගේ සහ දරුවන් සඳහා පෝෂණ වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 5000ක්”
“කාන්තා හිංසන වැළැක්වීමට, සවිබල ගැන්වීමට සහ කාන්තාවන් සුරැකීමට රුපියල් මිලියන 120ක්”
“කාන්තාවන් ඉලක්ක කර ගත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා ඇති කාන්තා ජාලය පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් මිලියන 720ක්”
“සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවර්ධන බැංකුවක්. එහි පරිපාලන කටයුතු සඳහා රාජ්‍ය බැංකුවල සහාය ලබාගැනේ.”
“සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල් කිරීම – කලාපයේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව ලංකාවේ ඇති සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල් කිරීම අවම මට්ටමක පැවතීම හේතුවෙන් එය ඉහළ නැංවීම සඳහා 2025 වසරේ සෞඛ්‍ය සේවා සැපයීම, ඩිජිටල් කිරීම, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කටයුතු ඩිජිටල් කිරීමේ කිරීම සහ පුළුල් කිරීම මීට ඇතුළත් වේ.“
“බෝ නොවන රෝග සහ වැළැක්වීම සඳහා අවධානය යොමු කරමින් ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක 1000කට අධික ප්‍රමාණය සහ ප්‍රාදේශීය රෝහල් වල සේවා සැපයීම වැඩි දියුනු කිරීමට පිවයවර
“නව සොයාගැනීම් හා පර්යේෂණ වාණිජකරණය කිරීම සඳහා නවෝත්පාදන හා නව නිපැයුම් අරමුදලක් පිහිටුවීමට රු.මි 1000ක්“
“වයස්ගත ජනගහනය ඉලක්ක කරගනිමින් සෑම දිස්ත්‍රික්කයකම සහන සහ වයෝවෘද්ද සහන සත්කාර ආරම්භ කිරීමට පියවර“
“වතු ආශ්‍රිත රොහල් සඳහා අවශ්‍ය ඖෂ්‍යධ, උපකරණ සහ මානව සම්පත් රජයෙන් ලබා දීමට පියවර“
“ඉදිරි කාලයේදී වසංගත වැලැක්වීම සඳහා ජාතික ධාරිතාව වැඩි දියුණු කිරීමට සහ ඉදිරි වසංගත උවදුරු වැළැක්වීම සඳහා ජාතික ධාරිතාව වැඩි කිරීමට සහ වසංගත රෝග කල් ඇතිව නිරීක්ෂණය කිරීම සඳහා අනතුරු ඇඟවීමේ හැකියාව වැඩි දියුණු කෙරේ.”
2025 සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදන සඳහා රුපියල් බිලියන 604 දක්වා වැඩි කෙරේ.”
“එහිදී ඖෂධ සැපයුම සඳහා වෛද්‍ය සැපයුම් සහතික කිරීම සඳහා රුපයිල් බිලියන 185ක් වෙන් කෙරේ.”
“එහිදී ස්නායු ආබාධිත දරුවන් සඳහා ප්‍රතිකාර ලෙස ජාත්‍යන්තර ප්‍රමීතීන් සහතිත ප්‍රථිකාර මධ්‍යස්ථානයක් රිජ්වේ ආර්යා ලමා රෝහලේ ඇති කිරීමට රුපියල් මිලියන 200ක්”
“ඔටිසම් දරුවන් සඳහා ආදර්ශ දිවා සුරැකුම් සහිත මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා රුපියල් මිලියන 250ක්.”
“සැමට අධ්‍යාපන අවස්ථා – පාසල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලයන 1000කට වඩා වැඩි ප්‍රමාණයක්”
“විශ්වවිද්‍යාලවල ගුණාත්මක බව වැඩි කිරීම සඳහා රුපියල් බිලියන 135ක්”
“පෙර පාසල් ගුරුවරුන්ගේ මානව සම්පත් ඉහළ නැංවීමට සහ ඔවුන්ගේ සේවය ඇගයීම මෙතෙක් ලබා දුන් දීමනව මෙම වසරේ ජුනි මාසයේ සිට තවත් රුපියල් 1000කින් වැඩි කිරීමට පියවර මේ සඳහා රුපියල් මිලියන 100ක්”
“පාසල් අධ්‍යාපනය නව්‍යකරණය යටතේ පවතින පාසල් පද්ධතිය සමාලෝචනය කර යළි ස්ථානගත කිරීමට අවශ්‍ය ජාතික සැලැස්මක් සඳහා රුපියල් මිලියන – 500ක්”
“5 ශේණියේ අඩු ආදායම්ලාභී සිසුන් සඳහා රුපියල් 750 සිට රුපියල් 1500කින් වැඩි කිරීමට පියවර මේ සඳහා රුපියල් මිලියන 1000ක්”
“ක්‍රීඩා පාසල්වල සිසුන්ට ලබා දෙන මාසික පෝෂධායී ආහාර දීමනාව රුපියල් 5000 සිට රුපියල් 10,000 දක්වා වැඩි කෙරේ.”
“වෘත්තිය අධ්‍යාපනය හදාරන සිසුන් සඳහා මාසික දීමනාව රුපියල් 4000සිට රුපියල් 5000 දක්වා වැඩි කෙරේ මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කරනු ඇත.”
“මහපොල ශිෂ්‍යාධාර රුපියල් 5000 සිට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යාධාර දීමනා රුපියල් 4,000සිට රුපියල් 6500ක් වැඩි කෙරේ මේ සඳහා රුපියල් මිලියන 4600ක් වෙන් කර ඇත මේ දීමනා අප්‍රේල් මාසයේ සිට ලබා දෙනු ඇත..”
“උසස් පෙළ විභාගයෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වන සිසුන්ට උසස් ශ්‍රේණිගත විශ්වවිද්‍යාලක උපාධි පාඨමාලා හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානටත්, ඔවුන් ලබා ගත් දැණුම හා කුසලතාවයන් රටේ සංවර්ධනයටත් යොදා ගැනීම සඳහා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් වැඩසටහන් ආරම්භ කිරීමට පියවර ගන්නා අතර මේ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.”
“පළාත් 5ක විශේෂිත ක්‍රීඩා පාසල් සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 500ක්.”
“යාපනය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රදේශවල පුස්තකාල වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100ක්. වෙන් කරනු අතර අනෙකුත් ප්‍රදේශවල පුද්තකාල වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කෙරේ.”
“ලංකා විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ඊට අදාල පහසුකම් සැපයීම සඳහා නියාමන රාමුවට අදාළ ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛත්වය දෙමින් සංශෝධිත විදුලිබල පනත සංශෝධනය කිරීමට පියවර”
“සුලං බලයෙන් විදුලිය ලබා ගැනීම සඳහා බලශක්ති ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දීමට පියවර”