
පිළිකා අරමුදලට ආදාර පිණිස Little Hearts අරමුදලේ නම ව්‍යාජව භාවිත කරමින් මහජනතාවගේ මුදල් ගැරූ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (15) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශයක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මේ බව පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාළ සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ 29ක මුදලක් පරිත්‍යාගශීලීන්ගෙන් ලබා ගනිමින් ඔවුන්ගේ පරිහරණය සඳහා යොදා ගෙන තිබූ බවත් පොලිස් විමර්ශනයේදී අනාවරණය වූ බවය.
දහස් ගණනක් හදවත් රෝගී දරුවන්ට නිරෝගී අනාගතයක් උරුමකරදීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, දෙරණ මාධ්‍ය ජාලය සමඟ එක්ව 2016 වසරේදී Little Hearts ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගත්තේය.
එහිදී යම් පාර්ශ්වයක් විසින් එම ව්‍යාපෘතියේ නම අවභාවිත කරමින් ජනතාවගෙන් මුදල් කොල්ලකෑමේ ජාවාරමක් ක්‍රියාත්මක කරන බවට අද දෙරණ උකුස්සා ට පසුගියදා තොරතුරු අනාවරණය විය.