විදේශ විනිමය සංචිත 1% කින් පහළට

0
විදේශ විනිමය සංචිත

මෙරට විදේශ විනිමය සංචිතය පසුගිය ජනවාරි මාසයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.04 සිට ඩොලර් බිලියන 5.98 ක් දක්වා සියයට 1 කින් පහළ ගොස් තිබේ.

එසේම මෙම විදේශ විනිමය සංචිතය ද අයත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ජනවාරි මාසය තුළ දී සියයට 0.9 ක සුළු පහළ යෑමක් වාර්තා කර ඇත.

මේ අනුව 2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.12 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එය 2025 ජනවාරි මාසය තුළදී ඩොලර් බිලියන 6.06 ක් දක්වා පහළ ගොස් ඇත. මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම ද අන්තර්ගත වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක මේ බව දැක්වේ.