පුද්ගලයන් 67 දෙනෙකු සමඟ මගී ගුවන් යානයක් කඩා වැටී සිදුවූ අනතුරට හේතුව හෙළි වෙයි

0
මගී ගුවන් යානයක් කඩා වැටී

පුද්ගලයන් 67 දෙනෙකු සමඟ කසකස්තානයේදී මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බව කසකස්ථාන බලධාරීහු පවසති.

මගී ගුවන් යානයක් කඩා වැටී

මෙම ගුවන් යානය කසකස්ථානය අක්ටාවු නගරය ආසන්නයෙන් කඩා වැටී ඇත්තේ යානය කුරුල්ලන් රංචුවක් මැදින් පියාසර කිරීමේදී එන්ජින් තුළට කුරුල්ලන් ගැටීමෙන් හානි සිදුවීමෙන් බව හෙළි වී තිබේ.

මියගිය අය අතර කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පස් දෙනෙකුද සිට ඇත.

අසර්බයිජාන් ගුවන් සේවය (Azerbaijan Airlines) විසින් මෙහෙයවනු ලබන ගුවන් යානය අක්තාවු නගරය ආසන්නයේදී කඩා වැටීමත් සමග ගිනි ගෙන ඇති නමුත් පසුව ගින්න නිවා දමා ඇති බව බලධාරීහු පවසති.

File image of a Azerbaijan Airlines plane
ඡායාරූප ශීර්ෂ වැකිය,අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ සංරෂිත ඡායාරූපයකි

එම්බ්‍රේර් 190 ගුවන් යානයේ මගීන් 62 ක් සහ කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සිටි බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

යානයේ සිටි අයගෙන් වැඩි දෙනෙක් බොහෝ දුරට අසර්බයිජානියානු ජාතිකයන් වූ නමුත් රුසියාව, කසකස්තානය සහ කිර්ගිස්තානය යන රටවලින් පැමිණි සමහර මගීන් ද එහි සිටි තිබේ.

අසර්බයිජාන් ගුවන් සේවයේ J2-8243 දරන ගුවන් යානය අසර්බයිජානයේ අගනුවර වන බකු සිට රුසියාවේ ග්රෝස්නි දක්වා පියාසර කරමින් තිබී ඇති අතර මීදුම නිසා එය වෙනත් නගරයකට හරවා යවා ඇති බව වාර්තා වේ.

අක්තාවු ගුවන් තොටුපළ විවෘතව පවතින අතර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව බලධාරීහු පවසති.