මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය සාහැල්ලු ගුවන් යානය කිඹුලාපිටියට වැටෙයි

0
Light Plane Crashed in Kimbulapitiya - මධුසමයට ආ ලෙබනන් යුවළ ගිය සාහැල්ලු ගුවන් යානය කිඹුලාපිටියට වැටෙයි
දඹුල්ලේ සිට කොග්ගල දක්වා පියාසර කළ පෞද්ගලික ගුවන් සමාගමකට අයතු සාහැල්ලු ගුවන් යානයක් හදිසියේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩ බස්වා ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි.

මධුසමය ගත කිරීමට ලෙබනනයේ සිට ආ යුවළක් රැගත් මෙම ගුවන යානය සීගිරියට ගොස් නැවත කොග්ගලට යමින් සිටියදි සිදු කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ ඇද වැටී ඇත.

නියමුවන් දෙදෙනා සමග නව යුවළ තුවාල ලබා ඇති අතර ඔවුන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

කාර්මික දෝෂයකට ලක් වූ යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බෑමට යාමේදී එය කිඹුලාපිටිය දාගොන්න පත්තෑයන්වත්ත පෙදෙසට ගොඩ බෑමට නියමුවන් උත්සහ කර ඇති අතර එය කොන්ක්‍රිට් මාර්ගය ගැටී නතර වී ඇත. යානයේ ඉදිරි පෙදෙසට දැඩි හානි සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ නියමුවන් දෙදෙනා සහ ලෙබනන් යුවළ පමණී.