ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය ඉදිරි මැතිවරණයත් සමඟ අවදානමක බව Bloomberg වාර්තා කරයි

0
bloomberg - ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය ඉදිරි මැතිවරණයත් සමඟ අවදානමක බව Bloomberg වාර්තා කරයි

ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයෙන් මිදීමේ ක්‍රියාවලිය ඉදිරි මැතිවරණයත් සමඟ යම් අවදානමකට පැමිණ ඇති බවත් යම් හෙයකින් පත්වන රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සහිත වැඩපිළිවෙළ නතර කළහොත් රට යථා තත්ත්වයට පත්වීම තර්ජනයට ලක්විය හැකි බවත් “බ්ලූම්බර්ග් ඉන්ටෙලිජන්ස්” විශ්ලේෂණ ආයතනය පවසයි.

ඇතැම් ජනාධිපතිවරණ අපේක්ෂකයන් තමන් බලයට පැමිණියහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම් සහ එකඟතා වෙනස් කරන බවට ප්‍රකාශ කර ඇති බවත් එසේ වෙනස්කම්ලට ලක්කිරීමේදී දැනට පවතින වැඩපිළිවෙළ අකර්මණ්‍ය විය හැකි බවත් එම ආයතනය පෙන්වා දෙයි.

එසේම බ්ලූම්බර්ග් ඉන්ටෙලිජන්ස් විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා දැනට ඇති කරගෙන තිබෙන එකඟතාවලට අනුකූල ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට යා යුතු බවය. ඒ අනුව බ්ලූම්බර්ග් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන කතා අනුව ඉදිරියේදී අදාළ කටයුතු සම්පූර්ණ කරගත යුතු බවය.

“2023 ජුනි මාසයේ සිට ණය පොලී අනුපාතිකයන් කෙමෙන් අඩුවෙමින් තිබෙනවා. එය රටේ ණය ඉල්ලුමේ වර්ධනයට බලපා තිබේ. ඒ වගේම රටේ සංචාරක කර්මාන්තයේද සැලකිය යුතු වර්ධනයක් මේ වන විට අත්පත් කරගෙන ඇති අතර ණය අනුපාත මේ වන විට වේගයෙන් පහළ පැමිණ තිබේ.

වසර අවසාන වන විට ණය වැඩසටහනේ තුන්වැනි සමාලෝචනයේදී නව පරිපාලනයකට IMF සමඟ වැඩ කිරීමට අවශ්‍ය වනු ඇත. එය මහ බැංකුව ලිහිල් කිරීමෙන් වළක්වනු ඇත. ලබන වසරේ ස්ථාවර ණය සහ තැන්පතු අනුපාත පිළිවෙළින් සියයට 8 සහ සියයට 7 දක්වා 125 කින් අඩු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.” යනුවෙන්ද එම විශ්ලේෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.