ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිඟයක් පවතින බව වාර්තා වේ. මේ හේතුවෙන් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යෑම ගැටලුවක් වී ඇත.
රෝහලේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 556ක් වුවත් දැනට එහි සිටින්නේ වෛද්‍යවරු 460 දෙනෙකු පමණය.
එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එස්.පී.යූ.එම්. රංගගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ප්‍රකාශ කළේ ඇතැම් වෛද්‍යවරුන් විදේශ ගත වීම මීට හේතු වී ඇති බවය.
රෝහලේ අලුතින් ඉදිකර ඇති ශල්‍යාගාරය සහ දැඩි සත්කාර ඒකකයක් විවෘත කිරීමට නොහැකි වී ඇත්තේද වෛද්‍යවරුන්ගේ හිඟය නිසා බවද රෝහල් අධ්යක්ෂවරයා සඳහන් කළේය.