විදුලි බිල වැඩිකළොත් පීඩාවට පත්වන අයට සහනයක්

0
Electricity Bill - විදුලි බිල වැඩිකළොත් පීඩාවට පත්වන අයට සහනයක්

විදුලි බිල වැඩිකළහොත් ඉන් වඩා පීඩාවට පත්වන දිළිඳු ජනකොටස්වලට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂය භාර ඇමති කාංචන විජේසේකර මහතාට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව වඩා පීඩාවට පත්වන ජනකොටස් වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් සැකසෙනු ඇතැයි ද ඇමතිවරයා කීවේය.

විදුලි බිල සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්වය ඇමතිවරයා රටට හෙළි කර තිබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.