ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.
ඒ අනුව ඔහුට හිමිව ඇත්තේ 20 යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 03 වන ස්ථානයයි. වනිඳු හසරංගට හිමිව ඇති හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692 ක්. ඊට අමතරව ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ලැයිස්තුවේ ද සිව්වන ස්ථානයේ පසුවනවා. එහිදී ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු ගණන 184ක්.
විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන පසුවන්නේ ඔස්ටේ්රලියානු ක්‍රීඩක ජොෂ් හෙස්ල්වුඩ්.
මේ අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 8 වන ස්ථානයේ පසුවන අතර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ 7 වන ස්ථානයේ පසුවනවා.



















































