මතභේදයට තුඩුදුන් චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණෙයි

0

ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබේ.

ඒ, විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරය මතය.

එම නෞකාව වරාය වෙත ළඟාවීමට නියමිතව තිබුණේ පසුගිය 11 වැනිදාය.

කෙසේවෙතත් මෙය ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස හඳුන්වමින් ඉන්දියාව ඊට දැඩි අප්‍රසාදය පළ කළේය.

ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හමුවේ චීන නෞකාවේ මෙරට සංචාරය කල් දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 10 වැනිදා චීන බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

ඒ අනුව පසුගිය 11 වැනිදා හම්බන්තොට වරාය වෙත ළඟාවීමට නියමිතව තිබූ යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාවේ පැමිණීම ප්‍රමාද කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් අද දිනයේ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශය නිල අවසරය ලබා දී තිබේ.

ආහාර සහ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් සපයාගැනීම සඳහා එම නෞකාව එළඹෙන 22 වනදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතය.