වෛද්‍ය ෂාෆි යළි සේවයට කැඳවයි.. හිඟ වැටුපත් ගෙවයි…

0
කුරුණෑගල රෝහලේ සේවය කළ නාරිවේද විශේෂඥ වෛද්‍ය ෂාෆි සියාබ්දීන් මහතා නැවත සේවයේ පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම අනිවාර්ය නිවාඩු යවා තිබූ කාලයට අදාළ සියලු වැටුප් ගෙවන ලෙසයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට දැනුම්දී ඇත්තේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන කාලයේදී වෛද්‍ය ෂාෆි මහතා මව්වරුන්ට වඳ සැක්කම් කළ බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කළා.

ඒ හේතුවෙන් ඔහු 2019 වසරේ මැයි මස 24 වැනි දින සිට අනිවාර්ය නිවාඩු යැවීමටයි සෞඛ්‍ය අමාත්‍යාංය පියවර ගෙන තිබුණේ.