පාසල් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

0
Health Guide Series forn Schools - පාසල් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

ලබන සතියේදී පාසල් වල සෙසු ශ්‍රේණි ආරම්භ කිරිමට අදාල මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සෞඛ්ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

පාසල් සිසුවෙකු කොවිඩ් ආසාදිත වුවහොත් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේ.

අවුරුදු 20න් ඉහළ රෝගාබාධවලින් පෙළෙන අය සදහා ද කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාදීමට අපේක්ෂා කරන බව ද විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ.

කොවිඩ් පොකුරු හටගැනිමේ අවදානමක් සහිත ප්‍රදේශවල කඩිනමින් බූස්ටර් එන්නත ලබාදීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.