හෙට වනවිට රට හුදෙකලා නොකලහොත් සදුදා සිට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්

0
Ravi Kumudesh Statement about Strike - හෙට වනවිට රට හුදෙකලා නොකලහොත් සදුදා සිට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්
හෙට දිනය වනවිට රට විද්‍යාත්මක වශයෙන් හුදෙකලා කිරීමකට ලක් නොකලහොත් සදුදා දිනයේ සිට දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව නැවත අවධාරණය කරනවා.

රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිළිබද සිතා සිදුකරන මෙම ඉල්ලීම තර්ජනයක් ලෙස භාර නොගන්නා ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

ඒ සම්බන්ධයෙන් විශේෂ යෝජනා මාලාවක් ඇතුලත් විශේෂ ලිපියක් ජනාධිපතිවරයා වෙතද අද දිනයේදී ලබාදෙන බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ ක්‍රියාකාරී සාමාජික රවී කුමුදේශ් මහතා පවසන්නෙ.

(newsradio.lk වෙබ් අඩවිය ඇසුරිනි)