ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0

කොවිඩ් ආසාදිතයින් 2,959 දෙනෙකු ඊයේ (23) දිනය තුළ මෙරටින් හඳුනාගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 

එම සංඛ්‍යාව 554කි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 391 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 174 දෙනෙකු වාර්තාවීමත් සමග බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,129කි.

ඒ අනුව බස්නාහිර පළාතෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90,310ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඊයේ දිනයේ, ගාල්ල 198ක්‍, අනුරාධපුරය 169ක්, නුවරඑළිය 167ක්, පුත්තලම 152ක්, මාතර 134ක්, මාතලේ 125ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 103ක් ලෙස දෛනික ආසාදිතයින් වාර්තා වී තිබේ.

කුරුණෑගල 83ක්, බදුල්ල 80ක්, යාපනය 60ක්, මන්නාරම 34ක්, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 31 දෙනා බැගින් ද වාර්තා වී ඇත.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 164,201 ක් දක්වා ඉහළගොස් තිබේ.

සමස්ත ආසාදිතයින්ගෙන් 128,607 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ආසාදිතයින් 34,384  දෙනෙකු  තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පිළිබඳව නවතම තොරතුරු – https://covid19.gov.lk/sinhala/