මහේල මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කරයි

0

ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන මෙවර IPL තරඟාවලියට එක්වීම සඳහා ඉන්දීයාවට ගොස් සිටියා.

කෙසේ වෙතත් ඉන්දියාවේ මේ වනවිට පවතින දැඩි කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ IPL තරඟාවලිය තාවකාලිකව අත්හිටුවීමට තරඟ සංවිධායකයක් තීරණය කළා.

ඒ අනුව තරඟාවලියට එක්වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව පසුව තහවුරු වූවා.

අනතුරුව විදෙස් රටවල සිට IPL තරඟාවලිය සඳහා එරටට පැමිණ සිටි ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ඔවුන්ගේ රටවලට යැවීමටයි ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

කෙසේ වෙතත් ඇතැම් රටවල් ඉන්දියාව අතර ගුවන් ගමන් නවතා දමා තිබීම හේතුවෙන් එම  ක්‍රීඩකයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට තම රටවල් වෙත යාමට නොහැකි තවත්වයක් ඇතිවී තිබෙනවා.

ඒ අනුව මහේල ජයවර්ධනට ද නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මුම්බායි ක්‍රිකට් කළමනාකාරීත්වය පවසන්නේ ඒ අනුව මහේල මාලදිවයිනේ නිරෝධායනය කාලසීමාව නිමකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.