ඔක්සිජන් දුම්රිය ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයට ළඟා වෙයි

0

ඉන්දීය වාර්තා අනාවරණ කළේ, නාග්පූර්හිදී දුම්රියේ ටැංකි 7 න් 3 ක් ප්‍රාන්තයේ රෝහල්වල භාවිතය සඳහා මුදාහැර ඇති බවයි.

එක් ටැංකියක අන්තර්ගත ද්‍රව ඔක්සිජන් ප්‍රමාණය ටොන් 15 කි.

ගත වූ පැය 24 තුළ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් කොවිඩ් අසාදිතයින් 66,836 දෙනෙකු වාර්තා වී ඇති අතර 773 දෙනෙකු එම කාලය තුළ මිය ගොස් ඇත.

ඉන් බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ, ඔක්සිජන් පහසුකම් නොමැති වීමෙනි.

මේ අතර නවදිල්ලි නුවර කොවිඩ් රෝගීන් ද ඔක්සිජන් හා රෝහල්වල ඉඩ පහසුකම් නොමැති වීමෙන් දැඩි අවදානමකට මුහුණ දී සිටී.

නව දිල්ලියෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24,331 ක් වන අතර මිය ගිය ගණන 348 කි.

ඒ, දිල්ලියෙන් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙසය.

සමස්ත ඉන්දියාවෙන් ද ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් තුන් ලක්ෂ 32,730 කු වාර්තා වී අතර මරණ සංඛ්‍යාව 2,263 කි.