අපනයන කෘෂිකර්ම ගොවීන් සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප සහ රෝපණ ද්‍රව්‍ය ලබාදීම සඳහා නව වැඩපිළිවෙලක් (Providing Capital Grant for Solar Powered Water Pumps)

0
ජල පොම්ප සහ රෝපණ ද්‍රව්‍ය ල

ජල පොම්ප සහ රෝපණ ද්‍රව්‍ය ල

2021 අයවැය යෝජනාවකට අනුව අතිගරු ජනාධිපතිතුමාගේ ජනතා කේන්ද්‍රීය ආර්ථික සංකල්පයට අනුව සුළු පරිමාණ ගොවීන් කෘෂි ව්‍යවසායකයින් බවට පත්කරමින්   ශ්‍රී ලංකාව තුළ අපනයන අභිමුඛ හා ආනයන ආදේශන වාණිජමය කෘෂි කර්මාන්තයක් බිහිකිරීම උදෙසා කුඩා භූමි ප්‍රදේශයක අඩු  නිෂ්පාදන පිරිවැයකින්, උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන්, වැඩි ගුණාත්මක බවින් යුතුව ඉහළ ඵලදායිී අස්වැන්නක් ලබා ගැනීම සදහා සූර්ය බල ජල පොම්ප හා රෝපණ ද්‍රව්‍ය ගොවීන් වෙත ලබාදීම.

අපනයන අභිමුඛ කෘෂිභෝග වගාවල නිරත සුර්ය කිරණින් විදුලිය සපයාගත හැකි  ප්‍රදේශවල වෙසෙන, නව්‍ය කෘෂිකාර්මික අදහස් ඇති අපනයන කෘෂි බෝග වගා කරන ශ්‍රී ලාංකීක ගොවීන් සහ ගොවි නිෂ්පාදන සංවිධාන වලට මෙම ප්‍රදානය සදහා අයදුම් කල හැක. අපනයන කෘෂි භෝග වන  ගම්මිරිස්, කුරුඳු, වැනිලා, කෝපි (ඇරබිකා/රොබස්ටා), සාදික්කා, කොකෝවා, බුලත්, කරදමුංගු, ඉඟුරුල කහ සහ කජු යන වගා වල නිරත ගොවින් සඳහා පමණක් මෙම ප්‍රදානයන් ලබාදෙයි. අක්කර 1/2 ක් දක්වා රෝපණ ද්‍රව්‍ය නොමිලේ ලබා දෙනු ලබන අතර   ඊට වැඩි අක්කර ගණනක් සදහා, මුළු රෝපණ ද්‍රව්‍ය සඳහා වන  පිරිවැයෙන් 50% ක් පමණක් ලබා දෙනු ලබන අතර ඉතිරි 50% පිරිවැය ගොවි මහත්ම මහත්මීන් විසින් දැරිය ගතයුතුය.

මෙම ව්‍යාපෘතිය  උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,  ශ්‍රි ලංකා කජු සංස්ථාව සහ කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය (අගයදාම සංවර්ධන වැඩසටහන) යන ආයතන ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතියේ  මූල්‍ය ණය ආධාර ලෝක බැංකුවේ ජ්‍යාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) විසින් කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතිය (අගයදාම සංවර්ධන වැඩසටහන) හරහා ලබා දෙනු ලැබේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභියෙකු වීමට බලාපොරොත්තු වන ගොවි මහත්ම මහත්මීන් තම අයදුම්පත්‍ර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් www.dea.gov.lk හෝ කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘතියේ වෙබ් අඩවියෙන් www.mpi.asmp.gov.lk බාගත කල හැක. එසේම තමන්ට අදාළ අපනයන   කෘෂිකර්ම දෙපාර්තමේන්තු දිස්ත්‍රික්ක කාර්යාලයෙන් හෝ කෘෂිකර්ම අංශය නවීකරණ ව්‍යාපෘති ප්‍රධාන කාර්යාලය, 16 වන මහල, සුහුරුපාය, බත්තරමුල්ල වෙතින් ද අයදුම්පත්‍ර ලබා ගත හැක.

සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2021 ජුලි මස 31 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ  “අධ්‍යක්ෂ(සංවර්ධන – III), සංවර්ධන අංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පේරාදෙණිය” හෝ විද්‍යුත් තැපෑල deadevelopment@gmail.com යන ලිපිනයට යොමු කල හැක.