අනියම් පෙම් හබය දුර දිග ගොස් ප්‍රසිද්ධ නිළියකගේ දියණියකගේ වරලස කැපූ කතුන් තිදෙනාට වැඩ වරදියි

0
Scissors - අනියම් පෙම් හබය දුර දිග ගොස් ප්‍රසිද්ධ නිළියකගේ දියණියකගේ වරලස කැපූ කතුන් තිදෙනාට වැඩ වරදියි
අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ කතාබහක් මුල්කරගනිමින් ප‍්‍රසිද්ධ වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියකගේ පානදුර ගොරකාන ප‍්‍රදේශයේ ඇති රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහර දී වරලස කපා දැමූ කාන්තාවන් තිදෙනකු ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.


පානදුර ගොරකාන ප‍්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනිය කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාරියන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරටුව සහ එගොඩඋයන ප‍්‍රදේශයේ පදිංචි 41, 30 සහ 17 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකි.


සැකකාරියන් තිදෙනා පෙරේදා රාත‍්‍රී ගොරකාන ප‍්‍රදේශයේ පිහිටි පැමිණිලිකාරියගේ රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහරදී එහි තිබූ කතුර රැගෙන වරලසේ කොටසක් කපා දමා ඇති බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය කියයි.


අත්අඩංගුවට පත් සැකකාරියන් පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බවත්, දින 14 ක් නිවසේ නිරෝධායනයට ලක් කරන ලෙස උපදෙස් දී ඇති බවත් පොලිසිය කියයි.