බස් ගාස්තුව සියයට 15කන් වැඩි කරන්නැයි ඉල්ලයි

0
Bus fare - බස් ගාස්තුව සියයට 15කන් වැඩි කරන්නැයි ඉල්ලයි
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු සියයට 15 කින් වත් ඉහළ දමන ලෙස බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කරයි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කෙටි දුර ධාවනය වන බස් රථයක් සඳහා දිනකට රුපියල් 700 ක මුදලකුත් දිගු දුර ධාවනය කරන බස් රථයක් සඳහා දිනකට රුපියල් 1200 කුත් වැයවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

මෙයට අමතරව සේවා ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් ද පසුගිය දිනවල සීඝ්‍රයෙන් වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අනෙකුත් බස් සංගම් සමගද සාකච්ඡා සිදු කර ඇති බවත් පැවසූ ඒ මහතා සිය ස්ථාවරය ප්‍රවාහන බලධාරීන් වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් සඳහන් කරයි.