වැලිගම මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 200ක් හමුවෙයි – සැකකරුවන් 9ක් අත්අඩංගුවට (ඡායාරූප)

0
Drugs - වැලිගම මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 200ක් හමුවෙයි - සැකකරුවන් 9ක් අත්අඩංගුවට
දකුණු මුහුදු තීරයේ කළ වැටලීමකින් බහුදින ධීවර යාත්‍රාවක තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයාගෙන තිබෙනවා.

අද අලුයම වැලිගම පොල්අතුමෝදර ප්‍රදේශයේදීයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අසුරා මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයට ලැබුනු තොරතුරකට අනුව නාවික හමුදාව වෙරළාරක්ෂක බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 9 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.