නීතිඥවරියක් පැදවූ මෝටර් රථයක් අවන්හලක ගැටෙයි (CCTV වීඩියෝ)

0
Car accident in cctv - නීතිඥවරියක් පැදවූ මෝටර් රථයක් අවන්හලක ගැටෙයි (CCTV වීඩියෝ)

කොළඹ 07 කුරුඳුවත්ත මේට්ලන්ඩ් පෙදෙසේදී මෝටර් රථයක් අවන්හලක ගැටී අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක සටහන්වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම මෝටර් රථ අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර අදාළ අවන්හලට අලාභ හානි සිදුව තිබෙනවා.

41 හැවිරිදි කාන්තා නීතිඥවරියක් අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය ධාවනය කර ඇති අතර ඇයගේ සැමියා ද එහි ගමන් කර ඇතැයි සඳහන්.

මේට්ලන්ඩ් පෙදෙසේ සිට පැමිණි මෝටර් රථය කඩුවෙල කොල්ලුපිටිය බස් මාර්ගයට පිවිසෙන අවස්ථාවේ තවත් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරක් සමගයි නීතිඥවරිය පැදවූ මෝටර් රථය අවහන්හලේ ගැටී ඇත්තේ.

කෙසේවෙතත් මෙම CCTV දර්ශණයසමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ අවුරුදු 15ක දැරියක් මෙම මෝටර් රථය ධාවනය කර ඇති බවයි. සිද්ධියට අදාළව පොලිස් භාරයට ගත් නීතිඥවරිය සහ අනතුරට සම්බන්ධ අනෙක් මෝටර් රථයේ රියදුරා විමර්ශණවලින් අනතුරුව පොලිසියෙන් පිටවගොස් තිබෙනවා.