මේ ආණ්ඩුව ගැන කලකිරී නැති කෙනෙක් ඉන්නවා නම් හොයලා ගෙනැත් දෙන්න

0
Muruththettuwe ananda thero - මේ ආණ්ඩුව ගැන කලකිරී නැති කෙනෙක් ඉන්නවා නම් හොයලා ගෙනැත් දෙන්න
වත්මන් ආණ්ඩුව පිළිබඳව මිනිසුන්ට කලකිරී ඇති බවත් ආණ්ඩුව දිනෙන් දින ජන අප්‍රසාදයට පත්වෙමින් ඇතැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසයි.

කිසිදනක රටට ‌මෙවැනි දෙයක් සිදුව නැති බවත්, රටට දේව සාපයක් හෝ දේව කෝපයක් වැදී ඇද්ද යන්න සොයාගෙන යන බවත්, ඉදිරියේදී රටට සෙත් පතා සෙත් කවි කීමට සැලසුම් කරගෙන යන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.

මේ වනවිට ජනතාව ෆේස්බුක් ඔස්සේ තමන් වහන්සේලාගෙන් ‘දැන් සැපද’ කියා අසන බවත්, ඊට පිළිතුරු තමන් වහන්සේලාටද නොමැති බවත් ආනන්ද හිමියෝ කීහ.

මෙම රජය පිළිබඳව කලකිරී නැති කෙනෙක් ඉන්නවා නම් හොයලා ගෙනැත් දෙන්නැයි ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි