![ලසන්ත වික්‍රමතුංග ලසන්ත වික්‍රමතුංග](https://newsweb.lk/wp-content/uploads/2025/02/45453-696x394.webp)
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස උපදෙස් ලබාදීමට නීතිපතිවරයා විසින් ලබා දුන් නිර්දේශය සම්බන්ධයෙන් ආණ්ඩුව අධ්‍යයනයක සිටින බව කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නුදුරේදීම ප්‍රකාශයක් කිරීමට සූදානම් බවද හෙතෙම කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
නීතිපති පාරින්ද රණසිංහ මහතා සම්බන්ධයෙන් ගන්නා තීන්දුව කුමක්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
නීතිපති පාලින්ද රණසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කරනු ඇති බවට යැයි සමාජ මාධ්‍යවල වාර්තා පළවෙමින් ඇති පසුබිමක මෙම සංවාදය කැබිනට් මාධ්‍ය හමුවේදී ඇති විය.