නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයින්ගේ අනුමැතියකින් තොරව ජාතික ලයිස්තු මන්ත්‍රීධූර පිරවීම දේශපාලනික හොරකමක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජාතික පක්ෂය මෙසේද පවසයි
ගෑස් සිලින්ඩරය ලකුණින් මහ මැතිවරණයට තරඟකිරිමට තීරණය කල අවස්ථාවේදී හවුල්කාර පක්ෂ නායකයින් සාකච්චා කර පොදු එකඟතාවලට එලැඹියේය.
ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් වූ පක්ෂය සමග ගිවිසුම් ගතවීමට තීරණය කෙරිණි. එම පෙරමුණේ ලේකම් වරිය ලෙස ශර්මිලා පෙරේරා මහත්මියට අදාල එකඟතා ඇතුලත් ගිවිසුම් බාරදෙන ලදී.
අද වනතෙක් ගිවිසුම් වල පිටපත් හවුල්කාර පක්ෂ වෙත ලබා දී නැත. ගිවිසුම ඉදිරිපත් කිරීමද මෙතෙක් කර නැත.
ජාතික ලයිස්තු මන්ත්‍රී දූර සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ හවුල්කාර පක්ෂ නායකයින් විසින්ය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලයිස්තු මන්ත්‍රීදූර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැත.
එම තීරණය උල්ලංගනය කරමින් ජාතික ලයිස්තු මන්ත්‍රීදූර පිරවීම විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩ කිරීමකි දේශපාලන හොරකමකි.
රවී කරුණානායක මහතාගේ පත්කිරිම සම්බන්ධයෙන් කරුණු වාර්ථා කිරීම සඳහා මේ වනවිටත් කමිටුවක් පත් කර තිබේ. කමිටු වාර්ථාව ලැබුනු පසු නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිතය. ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්ථාෆා ගේ පත් කිරිම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග සාකච්චා කර තීන්දුවක් ගැනීමට නියමිතය.