සමගි ජන බලවේගය පක්ෂය විසින් මේ වන විට තම කැබිනට් මණ්ඩලය නම් කරමින් සිටින බවට අන්තර්ජාල නාලිකාවක් වාර්තා කරයි.
පක්ෂයට අළුතින් එක්වූ පුද්ගලයින්ද එම අමාත්‍ය මණ්ඩලයට ඇතුලත් කරගෙන තිබෙන්නේ ඇති කරගත් එකඟතාවයන්ට අනුව බව එහි සදහන් කරයි.
ජී.එල්. පීරිස් මහතා විදේශ කටුයුතු අමාත්‍යවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති අතර මීට සති කිහිපයකට පෙර ඔහු විසින් තානාපති වරුන් කිහිප දෙනෙකු කැඳවා සාකච්ඡාවක්ද පවත්වා ඇත.
ඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන අමාත්‍ය ධුරයටත්, චම්පික රණවක මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයටත්, මුදල් අමාත්‍ය ධුරය හර්ෂ ද සිල්වා මහතා වෙත ලබා දීමටත් යෝජනා වී ඇත.
මෙලෙස තවත් අමාත්‍ය ධුර කිහිපයක් නම් කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් පියවර ගෙන තිබෙන්නේ යම් පිරිසක් පක්ෂය අතහැර යාවී යන ගැටළුවටද විසදුමක් ලෙස බවත් එහි වාර්තා කර ඇත.
අග්‍රාමාත්‍ය ධුරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබා දීමට ද කතාබහක් සිදුව ඇති බව තව දුරටත් එහි සදහන් කරයි.
කෙසේ වෙතත් මෙම තීරණ සමඟ පක්ෂයේ පිරිසක් කනස්සලකින් පසුවන බවත් සදහන්ය.
සරත් ෆොන්සේකා මහතා දරූ පක්ෂ සභාපති ධුරය මේ වන විට හිස්ව පවතින අතර එම තනතුර සඳහා මේ දක්වා කෙනෙකු පත් කර නොමැත.
ඒ සඳහා ඉම්ටියාස් බාකීර් මාකර් මහතාගේ සහ කබීර් හෂීම් මහතාගේ නම් යෝජනා වී තිබුණද කිසිවෙකු ඒ සඳහා පාත් කර නැත්තේද ඔවුන් දෙදෙනා අතර යම් විරසකයක් ඇතිවේය යන අදහස මතයි.
හරීන් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ද මෙතෙක් කිසිවෙකු පත් කිරීමට එම පක්ෂයට හැකිවී නැත.