කුවේට් බලධාරීන් ශ්‍රී ලාංකිකයන් 24 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
“එතෙර අපි සංවිධානයේ” කුවේට් ශාඛාව සංවිධානය කළ “ශ්‍රී ලංකන් සමර් නයිට්ස්” සංගීත ප්රසංගයේදී මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අත් අඩංගුවට ගෙන ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවැසුවේය.
එලෙස අත් අඩංගුවට ගත් පිරිස අතර ප්‍රසංගයේ සංවිධායකයන් සහ සංගීතවේදීන්ද සිටින බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම පිළිබඳව කුවේට් තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බවත් ඉක්මනින් ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.
අදාල සංගීත සංදර්ශණය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු වාර්ථාවන්නේ ජාතික ජනබලවේගයට ආධාර එකතුකරගැනීමේ අරමුණෙන් සංවිධානය කර තිබූ සංගීත රාත්‍රියක් බවටයි. අදාල කළාකරුවන් සහ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංචාරක වීසා මත කුවේට් රාජ්‍ය වෙත ඇතුළුව සංගීත සංදර්ශණයක් පවත්වා මුදල් ඉපයීමේ අරමුණෙන් ක්‍රියාත්මක වූ බවට චෝදනා කරමින් කුවේට් පොලීසිය විසින් ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබෙනවා.