ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව ජනපති රනිල් නිල වශයෙන් කියයි. දෑත් ශක්තිමත් කරන්න SLPP SJB මහ පිරිස් එක් වෙයි

0
ජනාධිපතිවරණයට තරග කරන

තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් ඊට අදාළව දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ ප්‍රකාශ කළේය.

ඒ, ගාල්ලේ අද පැවැත්වෙන එක්ව ජයගමු ගාලු දිස්ත්‍රික් ජන සමුළුවේදීය.

ජනාධිපතිවරණයට තරග කරන

ජනාධිපතිවරණයට තරග කරන රනිල් දිනවන්න ගාල්ලේදී එක්වූ පිරිස

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සංවිධානය කර තිබූ රැලියට අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක, ගීතා කුමාරසිංහ ඇතුළු පිරිසක් එක්වී තිබේ.

ජනාධිපතිවරණයට තරග කරන

ගාල්ල ප්‍රදේශයේදී “එක්ව ජයගමු” යන මැයෙන් මෙම ජන රැලිය සංවිධානය කර තිබුණි.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු පුරපතිනී රෝසි සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, වජිර අබේවර්ධන සහ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ද එම ජනරැළිය හා එක්වී ඇත.

එම රැලියේදී තමා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඊට අදාළව තමන් ඊයේ දිනයේ දී ඇප තැන්පත් කිරීම ද සිදුකළ බවය.

ජනාධිපතිවරණයට තරග කරන ජනාධිපතිවරණයට තරග කරන