සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයෙන් ඉවතට. සභාපති තනතුරට ජේෂ්ඨයෙක්

0
සරත් ෆොන්සේකා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කර වෙනත් ජ්‍යෙෂ්ඨයෙකුට එම ධුරය ලබාදීමට පක්‍ෂය විසින් තීරණය කර තිබේ.

එ් අනුව ෆොන්සේකා මහතා ඉදිරි දින කිහිපයේ පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට නියමිතව ඇත.

ඒ සමගම පක්ෂයේ නව සභාපතිවරයා පත් කිරීමටද නියමිතව ඇති අතර ඊට සමගාමීව පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුද කඩිනම් කෙරෙයි.

කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්කර මීට අවශ්‍ය අනුමැතිය ද ලබා ගැනීමට නියමිතව තිබේ.