සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.
පොලීසිය පවසන්නේ වසන්ත ඝාතනය වෙනුවෙන් ලොකු පැටී, දුලාන්ව ඉත්තෙක් ලෙස පාවිච්චි කර ඇතැයි විමර්ශන අනුව පෙනීයන බවය.
ව්‍යාපාරිකයකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජුලි 08 වනදා අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වුණි.
එම අවස්ථාවේ එහි සිටි ප්‍රසිද්ධ ගායන ශිල්පිනී කේ. සුජීවාගේ සැමියා වන නයන වාසුල නැමැත්තාද මියගිය අතර කේ. සුජීවා, ක්ලබ් වසන්තගේ බිරිය, තවත් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි.
පොලිස් විමර්ශන අනුව බලපිටියේ මුල් පදිංචිකරුවකු වූ ටැටූ මධ්‍යස්ථාන හිමිකාර දුලාන් සන්ජුල ඩුබායි හී සිටින ලොකු පැටීව හඳුනාගෙන ඇත්තේ මහේෂ් නමැති පුද්ගලයකු මාර්ගයෙනි.
අනතුරුව ඔවුන් දෙදෙනා වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධතා පවත්වා ඇති අතර එලෙස ගොඩනැගුණු සම්බන්ධතාව ඔස්සේ අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමට සිදුවූ සාකච්ඡාව සැකකරු අද පොලීසිය හමුවේ ප්‍රකාශයක් කරමින් අනාවරණ කර තිබුණි.
පොලිසිය පවසන්නේ ටැටූ මධ්‍යස්ථාන හිමිකාර දුලාන් සන්ජුල සහ ක්ලබ් වසන්ත පළමුවරට හමුවී ඇත්තේ සිද්ධිය වූ දිනයේ බව ඔහු කළ ප්‍රකාශ අනුව පෙනී යන බවය.
එසේම දුලාන් නව ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට තම බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්ද කැඳවාගෙන පැමිණ සිටීම නිසා ඔහු මෙවන් ඝාතන සිද්ධියක් එහි සිදුවනු ඇතැයි කලින් දැන නොසිටින්නට ඇතැයි පොලීසිය උපකල්පනය කරයි.
මේ වනවිට ඔහුගේ බිරිඳ ද සිටින්නේ එම සිද්ධියේ වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල ලබා රෝහල්ගතවය.
කෙසේවෙතත් දුලාන්ගේ මවට එරෙහිවද මත්කුඩු සම්බන්ධ නඩු දෙකක් දැනටත් අධිකරණයේ විභාග වෙමින් පවතී.
එසේවුවද ලොකු පැටී සමඟ සම්බන්ධතා නොපවත්වන ලෙස ඇය දුලාන්ට අවවාද කර ඇතැයි ඔහු කළ ප්‍රකාශවලින් අනාවරණ වූ බවය පොලීසිය පැවසීය.
මෙම ඝාතන සිද්ධියට අදාළව මේ වනවිට අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හය දෙනාම අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊට විවිධ ආකාරයෙන් ආධාර අනුබල සැලසීමේ චෝදනා මතය.
පොලිස් විමර්ශන අනුව ඝාතකයන් පැමිණි මෝටර් රථය දුලාන්ට ලොකු පැටීව හඳුන්වාදුන් මහේෂ් විසින් සිද්ධිය වූ දින අලුයම තුනට කඩුවෙල ගල්පොත්ත පාරට ගෙනැවිත් තිබේ.
අනතුරුව මෝටර් රථය භාරගෙන ඇත්තේ නාඳුනන පුද්ගලයකු විසිනි.
ඝාතකයන් පළාගොස් අතහැර දමා තිබූ වෑන් රථය ලීසිං නොගෙවීම මත අත්පත් කරගත් රථයක් වන අතර එය මාස එකහමාරකට පෙර බෙලිඅත්තේ අයකුට භාරදී ඇත්තේ ලොකු පැටීගේ උපදෙස් මතය.
එය ඔහු භාරයේ තබාගෙන සිටීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක් ගෙවා ඇති අතර ඔහුට පැවරී තිබූ රාජකාරිය වී ඇත්තේ සෑම දිනකම එක් වරක් වෑන් රථය පණගන්වා එහි බැටරිය බැසීම වළක්වාගැනීමය.
මෙලෙස වාහන පහසුකම් සැලසීමට සම්බන්ධවූවන් අතර සීසර්වරයකු ද සිටින බව පොලීසිය සඳහන් කරයි.
එම සැකකරුවන් සියලු දෙනා ඝාතකයන්ට අවශ්‍ය වාහන සැපයීම හා ඒවා සම්බන්ධීකරණය සඳහා අතරමැදි පහසුකම් සැලසූවන් වන නමුත් ඝාතකයන් දෙදෙනා තවමත් සොයාගෙන නොමැත.
කෙසේවෙතත් ඔවුන් පළපුරුදු වෙඩික්කරුවන් බවත්, එම එක් තුවක්කුවක් LTTEය පාවිච්චි කළ ගිනි අවියක් බව පෙනී යන බවත් පොලීසිය පවසයි.
ඝාතකයන් මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට පළායාම වැළැක්වීම සඳහා මන්නාරම් මුහුදු තීරයේ ආරක්ෂාව දැනටමත් තර කර තිබේ.
ඔවුන් පිළිබඳ විශ්වසනීය තොරතුරක් ඇත්නම් 0718 59 16 87 අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටී.
කෙසේවෙතත් මේ ඝාතනයට කංජිපානි ඉම්රාන්ගේ සම්බන්ධයක් ඇතැයි තවමත් හෙළිවී නොමැති බව පොලීසිය සඳහන් කරයි.
බස්නාහිර දකුණු භාර නියෝජ්‍ය පොලිස්පති ගසංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ක්‍රියාත්මකය.
දුලාන් සංජය නැවත දීර්ඝ පාපොච්චාරණයක
සුරේන්ද්‍ර වසන්ත පෙරේර නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා තම ආයතනය තුළදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ගන්නා දුලාන් සංජය නැවත පොලිසිය හමුවේ දීර්ඝ පාපොච්චාරණයක් සිදු කර තිබේ.
ඔහු එමගින් අවධාරණය කරන්නේ තමන් මෙම ඝාතන සැලසුමට සම්බන්ධ නැති බවත් සඳහා තමන් සූක්ෂම ලෙස යොදවා ගන්නා ලද බවත්ය.
විදේශයක සිට මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක වි ඇති බවද ඔහු පොලිසිය හමුවේ ප්‍රකාශයක් කර තිබේ.